පළමු පාඩමෙන් අපි පරිගණකය තුල ජාවා ස්ථාපනය කරගත්තනෙ... දැන් ඉතින් දාගත්තු ජාවා වලින් වැඩක් ගන්න තමය් හදන්නේ......
ජාවා වලින් වැඩක් ගන්නේ කොහොමද?....
මෙහෙම හිතමුකෝ... දැන් අපි කඋරුත් සිංහල දන්නවනේ.... සිංහල වලින් ගන්න වැඩ කොඉතරම්ද නේද???? කවදාහරි කුඋරුහරි හදල දුන්න අකුරු 56 කින් අපි වැඩ දානවනේ.... කතාකරනවා... ඉගෙනගන්නවා... මිනිස්සුත් එක්ක අදහස් හුවමාරු කරගන්නේ එහෙමනේ.....
ජාවා කියන්නෙත් ඒ වගේ භාෂාවක් තමඊ.... වෙනසකට තියෙන්නේ ජාවා වලින් අපි කතා කරන්නේ පරිගණකයට.... එහෙමත් නැත්තම් අපි පරිගණක විධාන පද්දතියත් එක්ක ජනුදෙනු කරනවා අතරමැදියෙක් විදියට ජාවා භාවිත කරලා....
සිංහල වල අකුරු 56 තියෙනවා වගේ ජාවා වලට අකුරු 48 ඉ... අකුරු කීවට ඇත්තටමද අකුරුද???? නැහැ... ඒවා හැදෙන්නේ ඉංග්‍රීසි අකුරු කීපයක් එකතු වෙලා...
මේවට ඉංග්‍රීසි වලින් කියන්නේ keywords කියල... මේවා භාවිත කරලා පරිගණක විදාන දෙන්න පුලුවන්නම්.... ජාවා වලින් වැඩක් ගන්න එක එතරම් ලොකු දෙයක් නෙමෙඉ...
ජාවා වලින් කෝඩ් එකක් ලියල බලමුද.....???
මේ හාපුරා කියල කෝඩ් එකක් කියන්න නෙමෙඉ හදන්නේ... එක හිතන තරම්ම ලේසි නැහැ... ගොඩක් වෙලාවට ජාවා ලියන්න අපට ඉංග්‍රීසි භාෂාව භාවිත කරන්න වෙනවා... තව වින්ඩොව්ස් මෙහෙයුම් පද්දතියේ notepad වල ජාවා ලියන්නත් පුළුවන්... එහෙම කරනවනම් ජාවා වල ඉස්පිල්ලක් , පාපිල්ලක් නැතුව හරියටම ලියන්න වෙනවා..... මොකද notepad එකේ ලියනකොට අපේ වැරදි හදන්න කුඋරුත් නැති නිසා.....
හැමදේම ලියන්නේ නැතුව ජාවා වලින් වැඩක් ගන්න පුලුවන්ද???
මොනදේ කරන්න ගියත් අපට වැරදෙන්න ඉඩක් තියෙන එකේ... ජාවා ලියනකොට හරියටම මුල ඉදල අගටම ලියන්න පුලුවන්ද???? ඒකනිසා අපට කාගෙහරි උපකාර ගන්න වෙනවා.... මේවට ඉංග්‍රීසි වලින් කියන්නේ නම්... IDE එකක් කියල... එහෙමත් නැත්තම් සිංහලෙන් උපකාරක අතුරු මුහුණතක් කියල තමඊ කියන්න වෙන්නේ.... ඉහතින් තියෙන රූපයේ... eclipse , NetBeans කියන්නේ ... ඒ විදියේ ගොඩක් ජාවා ක්‍රමලේකනයට ගන්න උපකාරක අතුරු මුහුණත් දෙකක්.....
මෙතැනදී NetBeans (භාගත කිරීමට )පරිගණකය තුල ස්ථාපනය කරගන්න එක අමාරු නැහැ... වින්ඩොව්ස් වල නම් අනිත් සාමාන්‍ය මෘදුකාංග වගේම ස්ථාපනය කරගන්න පුළුවන්... එත් eclips ටිකක් අමරුකාරයෙක්.... පොර්ටබල් නිසා ස්ථාපනය කරගන්න විදියත් වෙනස්.... පරිගණකයේ විධාන පද්දතියට අදාල eclips (eclipse අඩවියට) මෘදුකාංගය භාගත කරගෙන .... හැබැය් eclipse වලට පුරුදු උනොත් ජාවා ක්‍රමලේකනයට එය තරම් කෙනෙක් තවත් නැහැ.... මොකද කෝඩ් කරන්න ගියාම නෙට්බීන්ස් එක්ක වැඩ කරනවට වැඩ eclipse හැමවිටම වේගවත් නිසා...
(eclipse ස්ථාපනය කරගන්න අයුරු මෙතනින් )
~@ මා සමග රැදුනාට තුති
No comments:
Post a Comment